Wednesday, September 1, 2010

සන් සී නැවේ 36 ට වැඩි පිරිසක් වෙන්කොට ප්‍රශ්න කරයි


ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සරණාගතයින් 492 ක පිරිසක් රැගත් කැනඩාවට සංක්‍රමණය වූ සන් සී නෞකාවෙන් 36 ට වැඩි පිරිසක් සෙසු පිරිසෙන් වෙන්කොට කැනේඩියානු පොලීසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම පිරිස එල්.ටී.ටී.ඊ සංවිධානය සහ වෙනත් නීති විරෝධී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ මෙන්ම නොයෙක් යුද අපරාධ සිදුකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවට හඳුනාගෙන ඇති බව කැනඩා මාධ්‍යය උපුටා දක්වයි.

මෙම පිරිස දැනට බ්‍ර්ටිෂ් කොලොම්බියාවේ කලාපීය සිරමැඳිරියක රඳවා සිටින බවත්,සන් සී නෞකාවේ කපිතාන්වරයා ලෙස සේවය කළ කමල්රාජ් කන්දස්වාමී නොහොත් කැප්ටන් විනෝද් නැමැත්තා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ලෙස සේවය කළ 24 ක පිරිසක්ද තවත් 12 දෙනෙකුගෙන් යුතු නාවික මගීන් පිරිසක් ද මීට අයත් බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණයේ අවසාන කාලයේ යුද අපරධ සිදුවූ බවට එල්ලවන චෝදනා වලට අදාළව මෙම පිරිස යුද අපරාධ කිරීමේ නිරතවූවාද යන්න පිළිබඳ කැනේඩියානු පොලීසිය හා කැනේඩියානු දේශසීමා සේවා ඒජන්සිය සමග ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තා වේ. -

මෙම සරණාගතයින් මාස 3 ට අධික කාලයක් සිය අඹු දරුවන්වන්ගෙන් වෙන්ව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කර ඇති බව කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසයේ නායක ඩේවිඩ් පූපලපිල්ලෙයි මහතා මීට පෙරාතුව පෙන්වා දී තිබිණි. adaderana.lk

0 comments:

Post a Comment