Wednesday, September 1, 2010

පැහැරගත් දරුවා ගැන සොයන්න සපුගස්කන්ද පොලීසියට බාරදෙයි


සපුගස්කන්ද ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක් වූ දරුවා මේ වන විට වැඩි දුර පරීක්ෂණ සඳහා සපුගස්කන්ද පොලිසියට භාර දී තිබේ.

නව හැවිරිදි මෙම ළමයා ඊයේ උදෑසන කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් මහනුවර , තාලතුඔය ප්‍රදේශයේ දී වික්ටෝරියා ජලාශයට දමා තිබුණි.

පසුව එම දරුවා ගලක ආධාරයෙන් රැඳී සිට ප්‍රධාන මාර්ගයට පැමිණ ඒ බව වාහනයක ගමන් ගත් පිරිසකට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් විසින් මෙම දරුවා තලාතුඔය පොලිස් ස්ථානයට යොමු කර ඇති බව සඳහන් වේ.

දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පියා විසින් සපුගස්කන්ද පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර දරුවා ලබා දීම සදහා පැහැර ගත් පිරිස රුපියල් ලක්ෂ 8 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බව ද එම පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියා සිටියි.adaderana.lk

0 comments:

Post a Comment