Wednesday, June 16, 2010

රණවිරු පෙරහුරුව හේතුවෙන් අදත් පාර වැසෙයි


අද දිනය තුළද ගාලුමුවදොර වටර‍වුමේ සිට සෙරමික් හංදිය දක්වා මාර්ගය වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. රණවිරු විජයග්‍රහණ පෙළපාලියේ පෙරහු‍රුව හේතුවෙන් මෙම මාර්ගය වසා තැබෙන බව ඔහු පවසයි.

පෙරවරු 6.30 සිට විජයග්‍රහණ පෙළපාලියේ පෙරහුරු කටයුතු අවසන් වන තෙක් ගාලුමුවදොර වට‍රවුමේ සිට සෙරමික් හංදිය දක්වා මාර්ගය වසා තැබෙනු ඇත. හෙට දිනයේද මෙම මාර්ගය අදාළ කාලය තුළ වසා තැබෙන බව පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියි.. රණවිරු විජයග්‍රහණ පෙළපාලිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. adaderana

0 comments:

Post a Comment