Wednesday, June 16, 2010

පොලිස් කමිටුව ගැන නීතිපතිගෙන් කරුණු දැක්වීමක්


පොලිස් නිලධාරීන්ට උසස්වීම් පිරිනැමීම සම්බන්ධයෙන් පවතින විෂමතා සොයාබලා කටයුතු කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් පවතින නඩු කිහිපයක් අද කැඳවූ අවස්ථාවේ දීය. පරිපාලන විෂයභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම කමිටුවේ සභාපතිවරයා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවර‍යෙකු එහි සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බවත් නීතිපතිවරයා දැනුම් දී ඇත.

අතෘප්තියට පත් පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් පවතින පැමිණිලි එම කමිටුව විසින් පරීක්ෂා කර ඔවුන්ට ලබාදිය යුතු සහන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොලිස් උසස්වීම් සම්බන්ධයෙන් ‍ගොනු කර තිබෙන නඩු සියල්ල ලබන අගෝස්තු මස 4 වැනිදා කැඳවීමටත් එදිනට අදාළ කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එහිදී නීතිපතිවරයාට නියෝග කරන ලදී. adaderana

0 comments:

Post a Comment