Wednesday, June 16, 2010

අපේ ප්‍රතිසංවිධානය බොරුවක්


එක්සත් ජාතික පක්ෂය තුළ දැනට සිදුකරන ප්‍රතිසංවිධානය බොරුවක් බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක එ.ජා.ප ප්‍රතිසංවිධාන කමිටුව කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවත්,එම කමිටුවේ විශ්වාසය තැබිය හැකි කෙනෙක් වෙත්නම් ඒ සභාපතිවරයා පමණක් බවත් හෙතෙම කියා සිටියේ අද(16)පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පක්ෂයට ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවත්,තනතුරු නැති අයට තනතුරු ලබාදෙන ප්‍රතිසංවිධානයක් නොව එය එක්සත් ජාතික පක්ෂය නැවත බලයට පත් කරන ප්‍රතිසංවිධානයක් විය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා සහ රවී කරුණානායක මහතා අතර ඇති ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහෙව් ගැටුමක් තමන් හා සජිත් අතර නැති බව ඔහු පවසා ඇත.

එහෙත් සද්ද කරන අයට තනතුරු ලබාදෙන ප්‍රතිසංවිධානයක් එ.ජා.පයට අවශ්‍ය නැති බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment