Wednesday, June 16, 2010

රිය අනතුරෙන් අයෙක් මරුට-පහකට තුවාලයි


නෝවුඩ්- මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මීටර් 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි..

සිද්ධියෙන් තුවාල ලැබූවන් දික්ඔය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරු කර යවා තිබේ.

නුවරඑළිය දිසා රෝහලේ සිට මස්කෙළිය බලා ධාවනය වෙමින් පැවති වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝවුඩ් ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ. adaderana

0 comments:

Post a Comment