Wednesday, June 16, 2010

එල්.ටී.ටී.ඊ මූලස්ථානය මලයාසියාවේ ක්‍රියාත්මකයි


එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මලයාසියාව තම මෙහෙයුම් මූලස්ථානය ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි. එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් විසින් නව සමාජිකයින් බඳවා ගැනීම ද මලයාසියාව කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන බව හෙතෙම පෙන්වාදෙයි.

එල්.ටී.ටී.ඊ.යට අමතරව ඉස්ලාමීය සහ වෙනත් ඉස්ලාමීය නොවන සන්නද්ධ කණ්ඩායම් ද සිය ‍මෙහෙයුම් මූලස්ථානය ලෙස මලයාසියාව යොදාගෙන ඇති බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය හිෂමුඩි හුසේන් කියා සි‍ටියි.

මලයාසියාවට අමතරව සෙසු ගිණිකොන දිග ආසියානු රටවල් කේන්ද්‍ර කර ගනිමින් මෙම සන්නද්ධ සංවිධාන ක්‍රියාත්මක වන බවත්,සන්නද්ධ සංවිධානවල මූල්‍ය හුවමාරුවීම් , තොරතුරු හුවමාරුවීම් සහ නව සමාජිකයින් බඳවා ගැනීම් එම රටවල් හරහා ද සිදුවන බව ත් මලයාසියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අනාවරණය කරයි.

මලයාසියාව තුළ ක්‍රියාත්මක වෙමින් සිටින ජ්‍යෙෂ්ඨ ‍එල්.ටී.ටී.ඊ. සමාජිකයින් කිහිපදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති බව එරට පොලිසිය ද ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
adadeana

0 comments:

Post a Comment