Wednesday, June 16, 2010

ඩෙංගු මර්දනය නොකළොත් නාම යෝජනා නෑ


ඩෙංගු මර්දනය නොකරන පළාත් පාලන අයතනවල සභාපතිවරුන්ට ඉදිරි මැතිවරණයට තරග කරන්නට නාමයෝජනා ලබානොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමා දැනට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙසද කටයුතු කරන බව අමතක නොකළ යුතු බව ද හෙතෙම කියා සිටියි. ‍

දැනට පළාත් පාලන අයතනවල සභාපතිත්වය දරන අයගෙන් 99% ක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරුන් බවත්,ඉදිරියට පළාත් පාලන මැතිවරණය පවත්වන්නට නියමිත බවත්,එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශිත ඩෙංගු මර්දන වැඩසටහන පළාත් පාලන ආයතන වලින් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ සැලකිල්ලක් දක්වන බවත් සඳහන් කළේය.

පුත්තලම-හලාවත රෝහලේ නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇත.

කැලි කසළ ඉවත් කිරීම,පිරිසිදුකම රැක ගැනීම,ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ආදිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පළාත් පාලන ආයතන වලට හිමිවන බව සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment