Wednesday, June 16, 2010

උතුරේ 49,634 ක් තාමත් කඳවුරුවල


උතුරේ අවතැන් කඳවුරුවල සිටි ජනතාවගෙන් දෙලක්ෂ 3,630 දෙනකු නැවත පදිංචි කර අවසන් බව නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය පවසයි. තවත් පුද්ගලයින් 49,634 දෙනෙකු තවදුරටත් අවතැන් කඳවුරුවල සිටින බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස ද හැකි ඉක්මනින් නැවත පදිංචි කරවීම සඳහා කටයුතු යොදන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පෙන්වාදෙයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය මිල් රෝයි ප්‍රනාන්දු මහතා අද යාපනය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සංචාරයක ද නිරත විය.

අවතැන් කඳවුරුවල සිටින ජනතාව මෙන්ම පැවති යුද කාලවකවානුව තුළ සිය මුල්ගම්බිම් හැර ගොස් ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටින පුද්ගලයින් ද නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමුවී තිබෙන බව සඳහන් වේ. adaderana

0 comments:

Post a Comment