Wednesday, June 16, 2010

ජපානයෙන් යෙන් බිලියන 39 ක්


අධ්‍යාපන,සෞඛ්‍ය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙන් බිලියන 39 ක මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජපන් රජය කටයුතු කරන බව එරට විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂී මහතා ඊයේ රාත්‍රී 11.55ට පමණ ඔහු දිවයිනට පැමිණි බව සඳහන් වේ. යසුෂි අකාෂි මහතා ලංකාවට පැමිණියේ 20 වැනි වරට වන අතර ඔහු ලබන 20 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇතැයි ද එම කාලය අතරතුර රජයේ සහ විපක්ෂයේ නියෝජිතයින් හමුවීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

උතුරේ අවතැන් වූවන් යළි පදිංචි කරවීමේ ක්‍රියාවලියද ඔහුගේ අධීක්ෂණයට ලක්වනු ඇති බව ජපාන තානාපති කාර්යාලය පවසයි. adaderana

0 comments:

Post a Comment