Wednesday, June 16, 2010

ෆොන්සේකා හයිකෝප් වංචාවටත් හවුල්ලු..?


හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සැකකරුවෙකු වශයෙන් නම් කර තිබේ. රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය අද නිකුත් කළාය.

රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ සරත් ෆොන්සේකා මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.

ඒ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.. adaderana

0 comments:

Post a Comment