Wednesday, June 16, 2010

කසළ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්


කොළඹ නගරයේ එක්රැස්වන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය ‍ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ නගරයේ කැලි කසළ අර්බුදය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට පිළිතුරු ඉදිරිපත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය මේ බව දැනුම් දී ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වැය කිරීමට මූලික වශයෙන් සැලසුම් කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැනුම් දී ඇත. වැඩපිළිවෙළෙහි මුල් පියවරක් ලෙස කොළඹ බ්ලුමැණ්ඩල් ප්‍රදේශයේ ගොඩගැසී ඇති කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් දැනුම් දුන්නේ ඒ සඳහා මලයාසියානු සමාගමක් දැනටමත් තෝරා ගෙන ඇති බවයි.
adaderana

0 comments:

Post a Comment