![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPM8huzy87GgHmt30ZMSxbYcFLZStFbpLGbPlkDzt1ZVfzARR2mMvgdy3cMJQ9M6v-UKfEU8vIbGPns8KXgqh8rCrDDvDggDuec1t8kG7SvXfULvur57TDfPVwEsjadml1Qmdsk1i3I6bl/s320/mony.jpg)
පසුගිය මැයි මාසය වන විට මෙරට දිස්ත්‍රික්ක 9 ක ඒකපුද්ගල ආදායම ඉහළ ගොස් ඇතිබව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, පුත්තලම, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඒකපුද්ගල ආදායම එලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව එම දිස්ත්‍රික්ක, මෙරට දරිද්‍රතා රේඛාව වන රුපියල් 3,072 ක ඒකපුද්ගල ආදායම අභිබවා ගොස් තිබේ.. මාතලේ, මාතර, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර යන දිස්ත්‍රික්ක ඒකපුද්ගල ආදායම රුපියල් 3000 ඉක්මවා යන සීමාවට පැමිණ තිබීම ද විශේෂත්වයකි.
හම්බන්තොට, අනුරාධපුර, මොණරාගල යන දිස්ත්‍රික්ක මෙතෙක් එම සීමාවට පැමිණ නැති බවත්, මෙම වාර්තා සඳහා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළත්ව නොමැති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. adaderana
0 comments:
Post a Comment