Saturday, February 20, 2010

zඅලියාZගෙන් එන තීන්දුව තිබුණත් zහංසයාZට තවමත් දොර ඇරලා -එජාප මහලේකම්

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක‍ෂ අලියා ලකුණෙන් මහා මැතිවරණයට තරඟ කිරීමට තීරණය කොට ඇතත් මෙය අවසන් තීන්දුව නොවේ යයිද, විපක‍ෂයේ දේශපාලන පක‍ෂ මර්දනය කිරීමට ආණ්ඩුව දරන ප්‍රජාතන්ත්‍ර විරෝධි වෑයමෙන් උද්ගතවී තිඛෙන වත්මන් බැරෑරුම් තත්ත‍වය හමුවේ ඒකාබද්ධ විපක‍ෂයක් ලෙස ආණ්ඩුවට මුහුණ දිය යුතුය යන කරුණ අන් හැමටම වඩා එජාපය තේරුම් ගෙන සිටින බැවින් එක පෙරමුණක් ලෙස තරඟ වැඳීමට අවසන් මොහොත දක්වාම සාකච්ඡා සඳහා දොර විවෘත කොට තැබීමට තම පක‍ෂය ක්‍රියා කරන්නේ යයිද එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා සිරිකොතදී අද (20) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
අධිකරණ නියෝගයක් පවා නොමැතිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පරීක‍ෂාවට ලක් කිරීමට ඊයේ දැරූ උත්සාහය මගින් ආණ්ඩුව තමන්ට එරෙහි මතයක් දරන කිසිවකුට ඉඩ නොතබන බරපතල මර්දනයකට සූදානම් වන බව පෙන්නුම් කරන්නේ යයිද මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සටහන් කිරීමක් ලෙස දැඩි ලෙස හෙළා දකින්නේ යයිද කී අත්තනායක මහතා මහා මැතිවරණයක් කැඳවා තිබියදී දේශපාලන පක‍ෂ කාර්යාල සෝදිසි කරන්නට රජය සැරසෙන්නේ මන්දැයි ප්‍රශ්න කරන්නේ යයිද කීය.
අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ජවිපෙ කාර්යාලය සෝදිසි කිරීමට අද ආණ්ඩුව පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අත්තනායක මහතා මෙසේද කීය.
ඉකුත් ජනාධිපතිවරණයේදී එජාපෙ ලෙස පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දුන් සියලූ දේශපාලන පක‍ෂ මෙවර මහා මැතිවරණයට අලියා ලකුණෙන් දිස්ත්‍රික්ක සියල්ලටම තරග කරන්නේය. නාම යෝජනා සකස් කිරීමේ කටයුතු 80% ක් පමණ දැනටමත් අවසන් කොට ඇති අතර නිල වශයෙන් නාම යෝජනා අත්සන් කිරීම විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී හෙට (21) ආරම්භ කෙරේ. අලූත් මුහුණු රැසක් සහිතව ආණ්ඩුවට මුහුණදිය හැකි ප්‍රබල කණ්ඩායමක් එජාපෙ ඉදිරිපත් කරන අතර නාම යෝජනා බාරදීම සිදුකරන්නේ 25 හෝ 26 යන දින දෙකෙන් එකකදීය.
විපක‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම මර්දනය කිරීමටත්, පුරවැසියන්ගේ සියලූම මූලික අයිතිවාසිකම් උදුරා ගැනිමටත් ආණ්ඩුව ගෙන යන කුරිරු ක්‍රියාමාර්ගය හමුවේ අලූත් අභියෝග ඉස්මතුවී තිබේ. ජනාධිපතිවරණයේ විපක‍ෂයේ පොදු අපේක‍ෂක ෆොන්සේකා මහතා නීති විරෝධිව පැහැර ගෙන ගොස් අත්අඩංගුවේ රඳවා ගෙන සිටින මෙම අවස්ථාවේදී ජනාධිපතිවරණයට එක්වූ විපක‍ෂයේ සියලූ පක‍ෂ සමඟ එක්වී මහා මැතිවරණයට තරඟ කරන්නට හැකි නම් අප වඩාත් සතුටුය. එA ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි මර්දනයට ශක්තිමත්ව මුහුණදී මෙම අභියෝග ජයගත යුතු බැවිනි. එබැවින් එක් සන්ධානයක් ලෙස තරඟ කරන්නට ජවිපෙ ඇතුළු විපක‍ෂයේ සෙසු පක‍ෂවලට කළ ආරාධනය තවමත් විවෘතව පවතී. විපක‍ෂයේ පක‍ෂවලට එක පෙරමුණකට එAමට පවතින ගැටලූ විවෘතව සාකච්ඡා කොට විසඳා ගන්නට එජාපෙ තවමත් සූදානම්ය. අවසන් මොහොත දක්වාම අප වෑයම් කරන්නේ ඒකාබද්ධ විපක‍ෂයක් ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වන්නටය.
යම් හෙයකින් මහා මැතිවරණයට වෙන වෙනම ඉදිරිපත් වුවද ජෙනරාල් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමටද, විරුද්ධ මතධාරීන් හා මාධ්‍ය මර්දනයටද, අල්ලසට, දූෂණයට හා භීෂණයට එරෙහිවද ඒකාබද්ධ විපක‍ෂය ලෙස දිගටම උද්ඝෝෂණවල යෙදෙන්නේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා එAවාට එජාප මහ ලේකම්වරයා දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය: ජනාධිපතිවරණයෙන් පසුව උද්ගතවී තිඛෙන්නේ විපක‍ෂයේ ජනාධිපතිවරණ අපේක‍ෂකයා පවා අත්අඩංගුවට ගත් පෙර අපේක‍ෂා නොකළ බැරෑරුම් තත්ත‍වයක් නම් ඒකාබද්ධ විපක‍ෂය ලෙසම මහ මැතිවරණයට තරඟ නොකොට වෙන වෙනම තරඟ කරන්නේ ඇයි?

පිළිතුර: එජාපෙ සහ ජවිපෙ පොදු අපේක‍ෂකයාට සහය දුන්නේ වෙන වෙනම. අප අතර තිබුණේ සන්ධානයක් නොව එකඟතාවක්. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව වෙන වෙනම තරඟ කරන බවටයි අප එකඟතාවයක් ඇති කරගෙන තිබුණේ.
ප්‍රශ්නය: එAත් ජනාධිපතිවරණය පැරදීමෙන් පසුව උද්ගතව තිඛෙන්නේ විපක‍ෂය ඛෙදෙන්නට නොව තව තවත් එAකාබද්ධව කටයුතු කළ යුතු වාතාවරණයක් නොවෙයිද?
පිළිතුර: මහා මැතිවරණයට අලියා සලකුණෙන් එජාපෙ තරඟ කළ යුතු බවට තීරණය කළේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. එහෙත් අවශ්‍යතාවයක් එළඹුනොත් පක‍ෂයේ නායක වික්‍රමසිංහ මහතාට විකල්ප අදහසක් යෝජනා කොට ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගැනීමේ අවසරය දී තිඛෙනවා. එම විකල්පයට තවමත් ඉඩ තිඛෙන අතර සෙසු පක‍ෂ සමඟ සාකච්ඡා කරන්න අප තවමත් සූදානම්. අනෙක් අතට අලියා හා සීනුව විදියට වෙන වෙනම තරඟ කළත් එකට සටන් කරන්නත් මේ මැතිවරණ ක්‍රමය යටතේ පුළුවන්.
ප්‍රශ්නය: හොඳම විකල්පය ජනාධිපතිවරණයට පොදු විපක‍ෂය එක්කළ හංසයා නොවෙයිද? එජාපෙ අලියා ලකුණෙන් තරඟ කරන බවට කල් තබා තීරණය කිරීමම ඒකාබද්ධ විපක‍ෂ සන්ධානයක් ගොඩ නැගීමට බාධා කරන කොන්දේසි පැනවීමක් නොවෙයිද? අනෙක් අතට ප්‍රතිවිරුද්ධ පක‍ෂ දෙකකින් ජෙනරාල් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන බවයි දැන් පැවසෙන්නේ. මෙවැනි තරඟයක් ඇති වුණොත් දෙදෙනාටම ලැඛෙන මනාප ඡන්ද ප්‍රමාණය අඩුවී ඔවුන් දෙදෙනාටම ජාතික නායකයන් ලෙස දැන් පවතින පිළිගැනීම හෑල්ලූවට ලක්වී නිගරුවක් සිදුවෙන්නේ නැද්ද?
පිළිතුර: මම එහෙම හිතන්නේ නෑ. ෆොන්සේකා මහතාට එජාපයෙන් තරඟ කිරීමට ආරාධනා කළේ අත්අඩංගුවට ගැනීමට පෙර. නීතිඥ විෙජ්දාස රාජපක‍ෂ මහතා මඟින් ඊට පසු අපි ෆොන්සේකා මහතාට ලිපියක් යැවුවා. ඊට තවමත් පිළිතුරු ලැබුණේ නෑ. එතුමාගේ තීරණය දැන්නුවොත් එA ගැන සාකච්ඡා කර විකල්ප විසඳුමක් ඇතිකර ගන්න තවමත් පුළුවන්. කෙසේ වෙතත් අවසන් තීරණය ගනු ඇත්තේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. විපක‍ෂය එAකාබද්ධ මැතිවරණ ව්‍යාපාරයකට යෑමේ වැදගත්කම එජාපය අන් සියලූ දෙනාටම වඩා දන්නවා.
ප්‍රශ්නය: දකුණු පළාත් සභාවේ විපක‍ෂ නායකවරයාට එජාපෙන් නාම යෝජනා නොදෙන බවට පැතිරෙන කතාව ඇත්තක්ද?
පිළිතුර: සියලූම පළාත් සභා විපක‍ෂ නායකවරුන්ට එජාපෙ නාම යෝජනා දෙනවා. ඊට අමතරව බුද්ධික පතිරණ මහතා අකුරැස්ස ආසනයේ එජාප සංවිධායකවරයා. එA නිසා ඔහු කොහොමත් තරඟ කරනවා.

0 comments:

Post a Comment