Saturday, February 20, 2010

පක්ෂවල නිල දරන වෘත්තීය මාධ්‍යවේදින්ට මහ ඡන්දය නිමවනතුරු මාධ්‍ය වැඩ තහනම්


ජනමාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍ය වේදියකු දේශපාලන පක්ෂයක කිසියම් නිලයක් හොබවන්නෙකු නම් මහ මැතිවරණය නිමාවන තෙක් ඔහුට මාධ්‍ය කටයුතු වල යෙදීමට අවසර නොදෙන්නැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා සියලු ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබේ. ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන කාලය තුළදී සැයලු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පිළිපැදිය යුතු උපමාන 21ක් ප්‍රකාශයට පත්කරමින් කොමසාරිස්වරයා මෙම උපදෙස් ලබාදී ඇත.
පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීම පවත්වා එහි ප්‍රතිඵල නිකුත්කරන තෙක් ප්‍රවෘත්ති වැඩසටහන් හා ප්‍රවෘත්ති ලිපි සමබරව හා අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා ජනමාධ්‍ය ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.
ජනමාධ්‍ය ආයතනවලට තමා විසින් නිකුත් කර ඇති උපදෙස් පිළිපැදීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා‍වේ ප්‍රධානීන්ගේ විශේෂ අවධානයට යොමුකරවන බවද මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කර ඇත.
මැතිවරණ කාලයේදී සියලු මාධ්‍ය ආයතන සමතුලිත හා අපක්ෂපාතී අයුරින් කටයුතු කළයුතු බවද රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට, අපේක්ෂකයකුට හෝ පක්ෂ නායකයකුට වෙනස්කමකින් තොරව සමාන ගුවන් කාලයක් ලබාදිය යුතු බවද එම උපමාන වල සදහන්වේ.
කණ්ඩායම් සාකච්ඡා සදහා පුද්ගලයන් තෝරා ගැනීමේදී සියලු මාධ්‍ය ආයතන සාධාරණ ලෙස කටයුතු කළ යුතු බවද එම සාකච්ඡා සමතුලිත වියයුතු බවද එම උපමානවල සදහන් කර ඇත.
රාජ්‍ය ප්‍රධානියා, අගමැතිවරයා ඇතුළු බලයේ සිටින පක්ෂයේ සාමාජියන් විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රකාශිත කරුණු හා දේශපාලන මතභේදයන් සම්බන්ධයෙන් පිළිතුරු දීමට විරුද්ධ දේශපාලන පක්ෂවලදට සමාන වේලාවක් ලබා දියයුතු යැයිද එම උපමානවල සදහන්කර තිබේ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධ වැඩ සටහන් ඔහු‍ගේ දේශපාලන පක්ෂයේ වැඩසටහන් ලෙස සැලකිය යුතු බවද එම නිසා ඔවුන්ට ලබා දෙන අවස්ථාවන්ට සමාන අවස්ථා විරුද්ධ ‍දේශපාලන පක්ෂ නායකයින්ටත් ලබා දෙන්නැයිද මැතිවරණ කොමසාරිස්වරයා ජනමාධ්‍ය ආයතන වෙත උපදෙස් දී තිබේ.adade

0 comments:

Post a Comment