Saturday, February 20, 2010

හංසයාගේ සහය අලියාට


ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එළඹෙන පාර්ලි‍මේන්තු මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
තම පක්ෂයේ ලකුණ වන හංසයා ලකුණ ඉදිරි මැතිවරණයේ කිසිවෙකුටත් ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ශමිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය. එක්සත් ජාතික පෙරමුණ සමඟ සන්ධානගත වී ඇති බැවින් එහි තීරණවලට පිටින් කටයුතු කිරීමට තමන්ට නොහැකි බව ඇය අද දෙරණට කළ විමසුමක දී ප්‍රකාශ කළාය.
මේ වන විටත් තම සාමාජිකයන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීම සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ශමිලා පෙරේරා මහත්මිය කියා සිටියාය.

0 comments:

Post a Comment