Saturday, February 20, 2010

ජෙනරාල් අපට රටක් වටී: වහා නිදහස් කරනු -මිලානෝ උද්ඝෝෂණය හෙට ඉරිදා


නීති විරෝධී ලෙස හමුදා අත් අඩංගුවට ගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පක‍ෂ විපක‍ෂ සහ ජාති බේදයකින් තොරව කරන උද්ඝෝෂණ රැල්ලේ තවත් උද්ඝෝෂණයක් හෙට (21) ඉරිදා සවස 2.00 සිට 6.00 දක්වා ඉතාලියේ මිලානෝහි දී පැවැත්වීමට නියමිතය.
ඉතාලියේ මිලානෝහි පියස්ස කුරුදූසිහි සිට දැවැන්ත පාගමනක් සංවිධානය කර ඇති සංවිධායකයෝ පියස්ස කස්තෙල්ලෝහි වතුර මල අසලදී විරෝධතා රැලියක් ද සංවිධානය කර ඇත. මේ සඳහා සහභාගී වන ලෙස එරට සිටින ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කැමති සියළු ශ්‍රී ලාංකිකගෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.enews

0 comments:

Post a Comment