Saturday, February 20, 2010

විශාල කැබිනට් මණ්ඩලයක් පත්කරන්නේ නෑ


ඉදිරියේ දී විශාල කැබිනට් මණ්ඩලයකට යාමට තම රජය අපෙක්ෂා නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සෑමදෙනාගේම සහයෝගයෙන් වැඩ කරන පිරිස් සමඟ එක්ව ජනතා ‍අපේක්ෂාවන් ජයග්‍රහණය කරවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අද පෙරවරුවේ බණ්ඩාරවෙල නගර ශා‍ලාවේ පැවති බදුල්ල දිස්‍ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සමුළුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. රටේ සංවර්ධන ක්‍රියාවලියට තරුණ ජවය මුසු කර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. දේශපාලනයේ ගෞරවය උපරිමයෙන් සුරක්ෂිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී ගෞරවනීය දේශපාලනයක නිරත වන බව ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.ada

0 comments:

Post a Comment