Saturday, February 20, 2010

බ්‍රිතාන්‍යයෙන් වීසා පිළිබඳ නව නීති පද්ධතියක්


ශ්‍රි ලංකාවෙන් අධ්‍යාපනය සදහා පැමිණෙන සිසුන් සදහා වීසා බලපත්‍ර ලබාදීමට අදාල නව නීතිරිති පද්ධතියක් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දී තිබේ.

මෙම මස 22 වැනිදා සිට මෙම නීති පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන බව සදහන්ය. අධ්‍යාපනය සදහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ගේ අනුග්‍රහකයින් පිලිබදව ද වීසා ලබාදීමේදී දැඩි සැලකිල්ලක් යොමු කරන අතර අයදුම්කරුවන් නව රෙගුලාසි ක්‍රමයකට අනුව ලකුණු ලබාදීමක් සිදුකිරීමට නියමිතය.
ලබන 21 වැනිදා දක්වා දැනට ක්‍රියාත්මක වන රෙගුලාසී අනුව වීසා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වන අතර 22 වෙනි දායින් පසුව බ්‍රිතාන්‍ය අධ්‍යාපනය සදහා වීසා අයදුම් කරන අයදුම්කරුවන් නව රෙගුලාසි වලට අනුව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.adade

0 comments:

Post a Comment