Saturday, February 20, 2010

මැතිවරණයෙන් පසු සියලු පක්ෂ නායකයින් සමග සාකච්ඡා


මහ මැතිවරණයෙන් පසුව සියලුම පක්ෂ නායකයින් සමග බලය බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"ද හින්දු" පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ද එම සාකච්ඡා සඳහා සහභාගී කරගන්නා බව එම සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු ප්‍රකාශ කර ඇත.
මුස්ලිම් පක්ෂ නියෝජිතයින් ද සම්බන්ධ කරගනිමින් ‍කිහිපවතාවක්ම මේ පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සහ දැරුව ද එම පක්ෂ ඊට උනන්දුවක් නොදැක්වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් දේශපාලන බලය බෙදාහැරීමක් පිළිබඳව විසඳුමකට එළඹීම සඳහා සාකච්ඡා කළ යුත්තේ රටේ ජනාධිපතිවරයා වශයෙන් තමා සමග බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා "ද හින්දු" පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පවසා ඇති බව සඳහන්ය.adade

0 comments:

Post a Comment