Saturday, February 20, 2010

ජනරාල් අත්අඩංගුවට ගැනීමට විරෝදය දක්වා මෝදර කාලි අම්මා කෝවිලේ පොල් ගසයි


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින නෙරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙස කන්නලවු කරමින් මෝදර කාලි අම්මා කෝවිලේ ඊයේ පුද පූජා හා පොල් ගැසීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන් ඇතුළු මනෝ ගනේෂන් මහතාගේ පක්ෂ නියෝජිතයින් හා විශාල පිරිසක් මේ අවස්ථවෙට සහභාගී වී සිටියහ.
මේ අවස්ථාවේදී කාලි අම්මා වෙනුවෙන් පුද පූජා පවත්වා අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිර කරගෙන සිටින අයට වහාම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා පිරිස පොල් ගැසීමේ කටයුත්තේද නිරත වූහ.
හිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනෝමා ‍ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය. “මම අද මෙතැනට පැමිණියේ දෙවියන් ඉදිරියේ යුක්තිය හා සාධාරණය කන්නලවු කිරීමටයි. මගේ ස්වාමියා ඇතුළු විහාල පිරිසක් ඉන්නව අත්අඩංගුවට අරන්. ඒයට විරුද්ධව චෝදනා නැහැ. නිර්දෝෂි භාවය පෙනි පෙනී චෝදනා ගොනු කරමින් මේ දේ කරමින් යන්නෙ. ඉතින් මම දෙවියන්ට කියන්නෙ, අපිට කියන්න වෙන කෙනෙක් නැහැ. මම ඉල්ලා සිටින්නේ යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙසයි.”
මෙහිදි අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා, “අද වෙනකොට ආණ්ඩුව විසින් නීති පනවල තියෙනව. මේ මැතිවරණ නීතියට මුවා වෙලා රටේ ජනාවට සාධාරන විරෝධතා දක්වල, සාමකාමී විරෝධතා දක්වල ජෙනරාල් සරත් ෆොන‍්සේකා මැතිතුමා නිදහස් කර ගැනීමේ අරගලය කරන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් ඒ බාධාවන් නොතකා අපි මේ රටේ සියලු ආගම් අදහන ජනතාවගෙන් ඉල්ලා සිටිනව ඉතාමත් අසාධාරණ ලෙස, අයුක්ති සහගත ලෙස පැහැරගෙන ගිහින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින අපේ රටේ තිස් අවුරුදු යුද්ධයෙන් මුදවා ගත්ත අපේ නායකයා, සරත් ෆොන්සේකා මැතිතුමා බේරන්න, නිදහස් කරන්න, ඒ වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න අපිට පුළුවන් ආකාරයෙන් ආගමික වතාවත් ඉෂ්ඨ කරන්න. පුදපූජා පවත්වන්න. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් කළ හැකි සියලු ආගමික කටයුතුවල නිරත වෙන්න කියල අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනව.”truth

0 comments:

Post a Comment