Saturday, February 20, 2010

එජාප නියෝජනය සෑම දිස්ත්‍රික්කයකින්ම


මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම දිස්ත්‍රික්කයකින්ම තරග වදින බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
නාම ‍යෝජනා පත්‍ර සැකසීමේ කටයුතු මේ වනවිට 80%ක් පමණ අවසන්ව ඇති බවත්, හෙට දිනයේදී නිල වශයෙන් නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන් කළේය. මෙවර මැතිවරණය සඳහා නවක මුහුණු ගණනාවක් එක්වන බව ද අත්තනායක මහතා සඳහන් කරයි.
25 සහ 26 යන දින දෙක තුළ නාම යෝජනා බාරදීමට බලාපොරොත්තු වන බව මහ ලේකම්වරයා අවධාරණය කළේය. එමෙන්ම තවමත් ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ විවෘතව සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් බවත් තිස්ස අත්තනායක මහතා කියා සිටියි. එතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.adade

0 comments:

Post a Comment