Saturday, February 20, 2010

ආණ්ඩුව අස්ථාවර කිරීමේ හේතුවක් අමෙරිකාවට නෑ


රාජපක්ෂ ආණ්ඩුව අස්ථාවර කිරීමට අමෙරිකාවට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.
පදනම් විරහිත සාවද්‍ය තොරතුරු මත තීරණ ගැනීම අනුමත කළ නොහැකි බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ප්‍රැට්රීෂියා බියුටිනිස් මහත්මිය සමග ‍රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් "ද හින්දු" පුවත්පත මේ බව අනාවරණය කරයි. අමෙරිකාව තවදුරටත් ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම වැදගත් වන බව ද විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
අමෙරිකාව විවිධ කාලවකවානුවල ලබාදුන් ආධාර උපකාර රටේ ප්‍රගතියට මනා පිටිවහලක් වී ඇති බව රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියට පවසා ඇති බව "ද හින්දු" පුවත්පත වාර්තා කරයි. එය ඉදිරියේ දී ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.adade

0 comments:

Post a Comment