Saturday, February 20, 2010

දඹුල්ල රිය අනතුරකින් තිදෙනෙක් මියයයි


දඹුල්ල, දිගම්පතහ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම 4 ට පමණ ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථය පදවා‍ෙගන ආ පුද්ගලයාගේ බිරිඳ, ඔහුගේ මව සහ මාස 5 ක බිළි‍ඳෙකි.
මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පියා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාතලේ රෝහලට මාරු කර යවා ඇත. මෙ‍ාවුන් මැදිරිගිරිය, ගුරුගොඩැල්ල මහතලාවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය. adade

0 comments:

Post a Comment