Sunday, August 8, 2010

දුම්රිය ධාවනයට චන්ද්‍රිකා තාක්ෂණය


දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය ඒකාබද්ධව චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඊයේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ වූ බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේය.

එහි මූලික අදි‍යර වශයෙන් දුම්රිය 5 ක් සඳහා මෙම නව තාක්ෂණය හඳුන්වා දී ඇත. ඉදිරියේ දී අනෙකුත් දුම්රියන් සඳහා ද මෙම තාක්ෂණය යොදාගන්නා බව විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙමගින් දුම්රිය පාලක මැදිරිය සහ දුම්රියන් අතර ඍජු සම්බන්ධතාවයක් ඇති කර ගත හැකි වන බව දුම්රිය වාණිජ අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.adaderana.lk

0 comments:

Post a Comment