Sunday, August 8, 2010

මෙවර උසස් පෙළට එල්.ටී.ටී.ඊ රැඳවියන් 362 ක්


පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ රැඳවියන් 362 දෙනෙකු මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙනී සිටින බව පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි. මොවුන් විභාගය සඳහා සූදානම් කිරීම පසුගිය කාලය තුළ ඉතා විධිමත් ආකාරයකින් සිදුකළ බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව කාන්තා සහ පිරිමි රැඳවියන්ට පාසල් දෙකක වෙන වෙනම අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබාදුන් බව පුනරුත්ථාපන කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. මීට අමතරව උසස් පෙළ විභාගය ඉලක්ක කරගත් සම්මන්ත්‍රණ, උත්තර පත්‍ර සාකච්ඡා කිරීම් වැනි වැඩසටහන් ‍රැසක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කළ බව ඔහු පැවසුවේය.

ලබන 9 වැනිදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පුනරුත්ථාපනය වන අදාළ රැඳවියන් ඉතා හොඳ සූදානමකින් සිටින බව සුදන්ත රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana.lk

0 comments:

Post a Comment