Sunday, August 8, 2010

ෆොන්සේකාගේ කෝටි 7 තවදුරටත් ආරක්ෂිතව තබන්නැයි නියෝග


ජෙනරාල් සරත් ෆොන්සේකා මහ‍තා‍ගේ දේශපාලන කාර්යාලයට අයත් රුපියල් කෝටි 7කට අධික මුදල තවදුරටත් ආරක්ෂිතව තබාගන්නා ලෙස කොළඹ මහාධිකරණය එම මුදල් පවතින තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවකට නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය එම පුද්ගලික බැංකුවේ කළමනාකාරවරයාට මෙම නියෝග කර ඇති බව සඳහන්ය.

අදාළ මුදල එම බැංකුවේ ආරක්ෂිත සේප්පු 03 ක රඳවා ඇති අතර එම මුදල්, ගනුදෙනුවට ලක්කිරීම හෝ හුවමාරු කිරීම තහනම් කරමින් දැනට පනවා ඇති නියෝගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා එහිදී ඉල්ලා තිබේ. එම ඉල්ලීමට අනුව මුදල් සඳහා පනවා ඇති ආරක්ෂිත තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස කොළඹ මහාධිකරණය අදාළ බැංකු කළමණාකාරවරයාට නියෝග කර ඇත. adaderana.lk

0 comments:

Post a Comment