Sunday, August 8, 2010

ජී 15 නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි


ජී 15 සංවිධානයේ ඉහළ කාර්ය සාධක බලකායේ නියෝජිත පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙහිදී එම කාර්යසාධක බලකාය විසින් සකසන ජී 15 සංවිධානය කාර්යක්ෂම කරමින් විධිමත් සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය‍ යෝජනා ඇතුළත් වාර්තා පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජී 15 සංවිධානයේ සභාපතිධුරයට පත්විමෙන් අනතුරුව මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීය. මෙම කාර්යය සාධක බලකාය විසින් සකස් කරන වාර්තාව නිව් යෝර්ක්හි පැවැත්වෙන ජී - 15 විදේශ අමාත්‍ය සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana.lk

0 comments:

Post a Comment