Sunday, August 8, 2010

එජාපයට එක්වීම ගැන ෆොන්සේකාගේ අවධානය


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නව සිහළ උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තු කාර්යාලයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ නායක රැස්වී‍ෙ‍ම් දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සරත් මනමේන්ද්‍ර මහතා පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ සියල්ලේ අනුමැතිය මත තීරණවලට එළඹීම පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව නව සිහළ උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා කියා සිටියේය. adaderana.lk

0 comments:

Post a Comment