Sunday, August 8, 2010

තෙවන තරගයේ ජය ඉන්දියාවට


ඉන්දු - ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පැරදවීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 425 ක් රැස් කරනු ලැබූ අතර ඉන්දියාව සිය පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලකුණු 436 ක් රැස් කිරීමට සමත් විය.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස්කර ගත්තේ ලකුණු 267 ක් පමණි. තිලාන් සමරවීර ලකුණු 83 ක් ලබාගත්තේය. ඉන්දියාව දෙවන ඉනිම සඳහා 258 ක් ලබමින් ජයග්‍රහණය තහවුරු කරනු ලැබීය. adaderana.lk

0 comments:

Post a Comment