Sunday, August 8, 2010

ජනාධිපති කොමිසමේ ප්‍රථම සභාවාරය ලබන බදාදා


උගත් පා‍ඩම් සහ ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවේ ප්‍රථම ප්‍රසිද්ධ සභාවාරය ලබන බදාදා පැවැත්වීමට තීරණය කර තිබේ. එදින පෙරවරු 9.30 ට ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දී මෙම සභාවාරය පැවැත්වීමට නියමිතය.

2002 වසරේ පෙබරවාරි 21 වැනි දින සිට 2009 මැයි 19 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූ සිද්ධීන් කිහිපයක් පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසන් සභාව පත්කර තිබේ. සටන් විරාම ගිවිසුම අසාර්ථක වීමට බලපෑ කරුණු හා ඊට පසුව අදාළ කාලය තුළ සිදුවූ සිදුවීම් ආදිය පිළිබඳව මෙම කොමිසන් සභාව හමුවේ ඕනෑම අයෙකුට කරුණු දැක්විය හැකිය. adaderana.lk

0 comments:

Post a Comment