Sunday, August 8, 2010

හෙරොයින් තොගයක් සමග පාකිස්ථාන ජාතිකයෙක් කොටුවෙයි


හෙරොයින් කිලෝග්‍රෑම් හයක් සමග පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට අදාළ පුද්ගලයා පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

පොලිස් මත්ද්‍රව්‍ය අංශය භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරක් පමණ වන බව සඳහන්ය. හෙරොයින් තොගය යකඩ රෝද 21 ක් තුළ ඉතා සූක්ෂම අන්දමින් සඟවා තිබියදී සොයා‍ ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
adaderna.lk

0 comments:

Post a Comment