Sunday, August 8, 2010

වෙන්ව සිටිනවාට වඩා එක්ව ශක්තිමත් වීම වාසිදායකයි


කුඩා පක්ෂ‍ ලෙස වෙන්ව සිටිනවාට වඩා එක්සත් ජාතික පක්ෂය වටා එක්ව ශක්තිමත් වීම විපක්ෂයට වඩාත් වාසිදායක බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට අයත් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් සිටින බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් එක්වූවාක් මෙන් සෙසු පක්ෂ වලටද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමති නම් ඒ පිළිබඳව දැනුම්දීමක් කළ හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. එසේ වුවහොත් ඒ පිළිබඳව විමසා බලන බව ද මහලේකම්වරයා අවධාරණය කළේය.adadeerna.lk

0 comments:

Post a Comment