Monday, February 15, 2010

ජනරාල් සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරුගෙන් ඇමැති බෝගොල්ලාගමට අභියෝගයක්


විදේශිය තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවූ අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එම නිලධාරීන්ට පවසා ඇත්තේ ‍අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ හමුදා නීතියි යටතේ බවත්, ඔහුට ගෞරවණිය හා ආචාරශීලී ලෙස සලකනු ලබන බවයි.
බෝගොල්ලාගම අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අභියෝගයක් කරන හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ ජී.ඩී.කුලතිලක මහතා පවසන්නේ බෝගොල්ලාගම අමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශය සත්‍ය බවට ඔප්පු කිරීම සඳහා මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ඔහු සිටින ස්ථානය දැක බලා ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි.
ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම හේතු ගණනාවක් මත හමුදා පනතට පමණක් නොව 2009 ආරක්ෂක මාණ්ඩලික නිලධාරී පතනට ද පටහැකි බව පවසන කුලතිලක මහතා වැඩිදුරටත් දක්වන්නේ ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න හැකි නම් හෙළි කරන ලෙසයි.
ජෙනරාල්ට ආචාරශීලීව හා ගෞරවණීය ලෙස සැලකීම කෙසේ වෙතත් ඔහුගේ බිරිඳට හා ඔහුගේ නීතීඥවරයාට ඔහු බැලීමට අවස්ථාව ලබා දී ඇත්තේ දිනකට පැයක් බවත්, එයද වරකට පැය භාගය බැගින් අවස්ථාවන් දෙකකදී බවත් පවසන කුලතිලක මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ එයට ලබා දී ඇත්තේ දිවා හා රාත්‍රී ආහාර රැගෙන යාමට පමණක් බවයි. කෙසේ වෙතත් ඔහු රඳවා සිටින නිවසේ ජනෙල්වලින් පිරිසිදු වාතාශ්‍රයද නොලැබෙන බවත්, එම ජනෙල් වාතාශ්‍රය නිසි පරිදි නොවැටෙන ලෙස ලෑලිවලින් ආවරණය කර ඇති බවත් කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය. truth

0 comments:

Post a Comment