Monday, February 15, 2010

කුමන්ත්‍රණ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා


ජ.වි.පෙ සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුකරමින් සිටි බවට නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පක්ෂ දේශපාලනය නිසි ලෙස කරගෙන ගිය බවත්,ප්‍රතිපත්තිමය එකඟතා මත මොවුන් එකට එක්ව කටයුතු කළ බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුව පෙරළීමට හමුදා කුමන්ත්‍රණ සිදු කළ බවට චෝදනා නඟමින් කිසිදු සාක්ෂියක් නොමැතිව මේ වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව 40-50 ක පමණ පිරිසක් රඳවා තබාගෙන සිටින බව ඔහු කියා සිටියි.
අද සිරිකොත මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දක්වා තිබේ.

0 comments:

Post a Comment