Monday, February 15, 2010

දනුනගේ සේප්පු විවෘත කරයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.
ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.
මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

0 comments:

Post a Comment