Monday, February 15, 2010

නාම යෝජනා සූදානම්


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයින් නාමයෝජනා පත්‍රවලට අත්සන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
නාමයෝජනා පත්‍රවලට අත්සන් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටින බව වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම නාමයෝජනා ඉදිරිපත් කරන බව එහි ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment