Monday, February 15, 2010

සිසුන් 2,500 ක් මහ පාරේ


වව්නියාව අනාථ කඳවුරු වලින් නිදහස ලැබු පාසල් සිසුන් 2,500 කට පමණ විධිමත් පාසලක් මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වේ. ඔවුන් වව්නියාව ගාමිණි මහ විද්‍යාලයේ එළිමහනේ සිට අධ්‍යාපනය ලබන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
නගරයේ පාසල්වල තදබදය හේතුවෙන් අවතැන් කඳවුරුවල සිට‍ පැමිණි සිසුන්ගෙන් එම පාසල්වලට ඇතුළත් කරගෙන ඇත්තේ සීමිත පිරිසක් පමණි.
මේ හේතුව නිසා අනාථ කඳවුරුවල ළමුන් වව්නියාව ගාමිණි මහ විද්‍යාලයට යොමු කර ඇති බව සඳහන් වේ.
එතරම් සිසුන් පිරිසකට එම විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට බලපා තිබේ.
කෙසේ වුවද වහාම තාවකාලික ගොඩනැඟිලි ඉදිකර දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. adaderana

0 comments:

Post a Comment