Monday, February 15, 2010

කොල්ලකරුවෝ දෙදෙනෙක් මාට්ටු


තලංගම පොලිස් වසමේදී සිදුවු කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තලංගම ‍ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 72 ක පමණ මුදලක් පසුගිය සිකුරාදා කොල්ලකෑමට ලක්විණි.
නුගේගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගු‍වට ගෙන ඇත්තේ පන්නිපිටිය සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලදීය.
ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. adaderana

0 comments:

Post a Comment