Tuesday, April 27, 2010

මර්වින්ට ජනමාධ්‍ය භාර දීම ගැන ජාත්‍යන්තරය කැළඹේ


ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශ්‍ය භාර දීම පිළිබඳව "මායිම් රහිත මාධ්‍යවේදියෝ" සංවිධානය සිය විමතිය පළ කර තිබේ. එම සංවිධානය පවසන්නේ කිසිදු රටක් රට ගිනි තබන "ගිනි තබන්නන්" මෙවැනි තනතුරුවලට පත් නොකරන බව යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මාධ්‍යවලට පහරදුන්, විවිදාත්මක පුද්ගලයන් ප්‍රධාන තනතුරුවලට පත් කිරීමෙන් සිය කීර්තිය කෙළෙසා ගනිමින් සිටින බව එම සංවිධානය පවසයි. පසුගිය මහ මැතිවරණයේදී ලබා ගත් ජනවරම මෙවැනි තනතුරුවෙනුවෙන් භාවිත වීම තුළ රට තුළ සංහිඳියාව සහ සංවර්ධනය ඇති කිරීමට ආණ්ඩුව සමත්වේදැයි සැකයක් මතු වන බව එම සංවිධානය පවසයි.
එම මාධ්‍ය සංවිධානය මර්වින් සිල්වා මහතාට ලබා දුන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය යලි සලකා බලන ලෙස අග්‍රාමාත්‍ය දී.මු.ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටී.lankatruth

0 comments:

Post a Comment