Tuesday, April 27, 2010

කඩාකප්පල් වූ කුවෙයිට් අවුරුදු උත්සවය ගැන වාර්තාවක්


කුවේටයේ සංවිධානය කර තිබූ ශ්‍රී ලාංකික අවුරුදු උත්සවය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති අංශ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීමට නියමිතව තිබේ.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරන පරිදි අදාළ අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා ගත යුතු සෑම අවසර පත්‍රයක්ම ලබා ගෙන තිබිය දීත් කිසියම් පිරිසකගේ විරෝධතා හේතුවෙන් උත්සවය අත්හිටුවීමට සිදු වී ඇත.
මේ සම්බන්ධයෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ද වාර්තාවක් ලබා දීමට ද නියමිතය. ශ්‍රී ලාංකිකයින් දස දහසකගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා සංවිධානය කර තිබූ මෙම අවුරුදු උත්සවය පැවැති ස්ථානය වෙත පැමිණි කුවේට් ජාතිකයින් පිරිසක් එම උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණි..
ඊට හේතු වී ඇත්තේ සිකුරාදා දිනය කුවේට් ජාතිකයින්ට ආගමික වශයෙන් විශේෂ දිනයක් වීම බව ද සඳහන් වේ. මේ හේතුවෙන් ඇතිවන්නට ගිය උණුසුම් තත්ත්වය වැළැක්වීම සඳහා අවුරුදු උත්සවය අත්හිටුවීමට ශ්‍රී ලංකා තානාපති අංශ පියවර ගෙන තිබේ.
අදාළ විරෝධතා දැක්වීම එරට බලධාරීන්ගේ අනුදැනුම මත සිදූ වූවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. adaderana

0 comments:

Post a Comment