Tuesday, April 27, 2010

අධ්‍යාපන වෘත්තිකයන්ගෙන් විරෝධයක්


අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් 2010 අප්‍රේල් මස පළමු දින දාතමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය විරෝධය පළ කරයි.
එම සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පවසන්නේ අදාළ චක්‍රලේඛය මගින් ගුරු සේවයේ වැටුප් කප්පාදු වීමක් සිදුවන බවයි.
එසේම විදුහල්පති සේවයේ නිලධාරීන්ට ගුරු සේවයේ වැටුප් ලබා ගැනීමට බල කර ඇති බව ද ධර්මසිරි මහතා පෙන්වා දෙයි..
එම චක්‍රලේඛයේ අදාළ වගන්ති සංශෝධනය කරන ලෙස අධ්‍යාපන බලධාරී‍න්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතුව ද එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ලේකම්වරයෙකු මෙතෙක් වැඩ භාරගෙන නොමැති බවයි. ------------------ adaderana

0 comments:

Post a Comment