Tuesday, April 27, 2010

භූතානයට ගෙන නොයෑම ගැන විමල් කණස්සල්ලෙන්


සාර්ක් රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් භූතානයට පිරිස ගෙනයාමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ, වැඩිමහල් පුතනුවන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විදේශ ඇමැති ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ද වාස් ගුණවර්ධන මහතා එක් කර ගත් නමුත් තමන් එක් කර ගැනීමට කටයුතු නොකළ බව ජාතික නිදහස් පෙරමු‍ණු නායක විමල් වීරවංශ මහතා අද චෝදනා මුඛයෙන් කතා කොට ඇත. මේ සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බවත් වීරවංශ මහතා මෙහිදී පවසා ඇත.
ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන දෙදෙනාට අමතරව ගෙන ගිය පුද්ගලයින් අතුරින් ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් බැවින්ද, ජී.එල්.පීරිස් මහතා විදේශ ඇමති බැවින්ද ගෙන යාම සාධාරණ බවත් මැතිවරණයේදී සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් හා මුදලක් වියදම් කළ තමන්ට වඩා සජින් ද වාස් ගුණවර්ධන ලොකු වූ යේ කෙසේද යනුවෙන් වීරවංශ මහතා මෙහිදී දැඩි ස්ව‍රයෙන් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතා හා කතා කිරීමට ගත් උත්සහයන් දිගින් දිගටම ව්‍යර්ථ වූ බවත්, බැසිල් රාජපක්ෂ මහතා වීරවංශ මහතාගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වැලකී සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ. lankatruth

0 comments:

Post a Comment