Tuesday, April 27, 2010

එල්.ටී.ටී.ඊ සැකකරුවන් 7ක් අත්අඩංගුවට


නෙදර්ලන්තයේ දී එල්.ටී.ටී.ඊ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නෙදර්ලන්තය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව එරට අපරාධ පරීක්ෂණ කාර්යාලය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා නෙදර්ලන්‍තයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 16 ක් පරීක්ෂාවට ලක් කර තිබේ.
ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ ජාලය තුළ මොවුන් ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී පරිගණක, දුරකථන, ලිපි ලේඛන, ජායාරූප, ඩීවීඩී පට කිහිපයක් සහ යූරෝ 40 ,000 කට අධික මුදලක් සොයා ගෙන ඇත. මෙම සැකකරුවන් නෙදර්ලන්තයේ එල්. ටී. ටී. ඊ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක නායකයින් බව නෙදර්ලන්ත අධිකරණ අමාත්‍යාංශය පවසයි. adaderana

0 comments:

Post a Comment