Tuesday, April 27, 2010

වන ජීවියත් මට ලැබෙයි -බැසිල්


සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගන්නා ස්ථානයක් බවට දෙහිවල සත්වෝද්‍යානය පත් කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ආදායමට විශාල ව‍ශයෙන් මුදල් එක් රැස් කළ හැකි ස්ථානයක් බවට මෙය පත් කළ හැකි බව අමාත්‍යවරයා කියා සිටියි.
අමාත්‍යවරයා මේ අදහස් පළ ක‍රනු ලැබුවේ අද දෙහිවල සත්වෝද්‍යානයේ නීරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි..
සංචාරක දෙපාර්තමේන්තුව යටතට පින්නවල අලි අනාථාගාරය සහ දෙහිවල සත්වෝද්‍යානය ද එක්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය.
එසේම වන ජීවි දෙපාර්තමේන්තුව ද ඉදිරියේදී තම අමාත්‍යාංශය යටතට පත්වනු ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.. adaderana

0 comments:

Post a Comment