Tuesday, April 27, 2010

වැඩි ගාස්තු අයකළ බස් රථ 20ක් ගැන පරීක්ෂණ


පසුගිය උත්සව සමය තුළ වැඩි පුර බස් ගාස්තු අය කළ බස් රථ 20 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එම බස් රථ වල මාර්ග බලපත්‍ර ගමනා ගමන කොමිෂන් සභාව වෙත පවරා ගෙන ඇති බව එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව් විපුලසේන මහතා ප්‍රකාශ කළේය.
පසුගිය අප්‍රේල් 6 වන දින සිට 19 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා මෙම වැටලීම් සිදු කර තිබේ. පරීක්ෂණ වලින් අනතුරුව නැවත එම බස්රථ වල මාර්ග බලපත්‍ර ලබා දෙන්නේ ද එසේත් නැත්නම් අවලංගු කරන්නේ ද යන්න තීරණය කරන බව විපුලසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment