Tuesday, April 27, 2010

"ඩෙංගු"සතියක්


ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු සතියක් නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලබන මැයි මස 3 වන දින සිට 9 වන දින දක්වා කාලය තුළ මෙම ඩෙංගු සතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
වසරකට දෙවරක් මේ ආකාරයට ඩෙංගු මර්දන සති ප්‍රකාශයට පත් කරන අතර මේ වසර සඳහා ක්‍රියාත්මක වන පළමු ඩෙංගු මර්දන සතිය මෙය බව සඳහන්ය. ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පාලිත මහීපාල මහතා සඳහන් කළේය. මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු මිය ගොස් ඇති අතර 12, 000 අධික පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.adaderana

0 comments:

Post a Comment