Tuesday, March 2, 2010

ගමන් බලපත්‍ර පරිලෝකනය කෙරේ


ආගමන විගමන දෙපාර්තමේන්තු සතු ගමන් බලපත්‍ර ලේඛන, පරිලෝකනය හෙවත් ස්කෑන් කිරීමට පියවර ‍ගෙන තිබේ.
මේ යටතේ දළ වශයෙන් මිලියන 8 ක පමණ ලේඛන පරිලෝකනය කිරීමට අපේක්ෂිතය. රාජ්‍ය සේවයට අයත් දෙපාර්තමේන්තුවක් මඟින් මෙවැනි පියවරක් අනුගමනය කරන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැල‍කේ. මෙහි පළමු අදියර ඊයේ දිනයේ ආරම්භ වූ අතර ඒ යටතේ ලේඛන එක් කෝටි පන් ලක්ෂයක් පරිලෝකනය කිරීමට නියමිතව ඇත.
අභ්‍යන්තර පරිපාලන අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකය. මේ සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ. ada

0 comments:

Post a Comment