Tuesday, March 2, 2010

විසිරවූ පාර්ලිමේන්තුව 9 වනදා හදිසියේ රැස්වේ

හදිසි නීතිය තවත් මසෙකින් දීර්ඝ කිරීම අනුමත කරවා ගැනීම සඳහා විසුරුවා හැරි පාර්ලිමේන්තුව ලබන 9 වනදා නැවත රැස් කිරීමට යයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 7 වන අනුව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලය ජනාධිපතිවරයාට පැවැරී ඇති අතර, ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 0 වනදා රැස්කරන බව ලබන 5 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 7 වන අනුව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ zපාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව කවර අවස්ථාවක වුවද, පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍ය වන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත්වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින්, ඒ ප්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයකදී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේයZ යනුවෙනි.
එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහා මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළැඹෙන අවස්ථාවේදී විසිරෙන්නේය.
පාර්ලිමේන්තුව මෙසේ නැවත කැඳවීමෙන් පසු, හිටපු පාර්ලිමේන්තුවට හිමිව තිබූ ඇතැම් වරප්‍රසාද ලැඛෙනු ඇති බවත්, ඒ අනුව විපක‍ෂ මන්ත්‍රීවරුනට දැනට අහිමිව තිඛෙන පොලිස් ආරක‍ෂාව යළි ලැබීමට ඉඩකඩ ඇති බවත් පැවැසේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මන්ත්‍රී නිල නිවෙස් ආපසු බාර දෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් දැනුම් දීමක් කළත් බොහෝ හිටපු මන්ත්‍රීවරුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නැත්තේ මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බවට දැන සිටි නිසා බවද කියැවේ.
මහා මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව අප්‍රේල් 22 වනදා රැස්වීමට නියමිතය. lankae

0 comments:

Post a Comment