Tuesday, March 2, 2010

වෛරී දේශපාලනය පිටු දැකීමට නව දේශපාලනයක්


රජය ගෙන යන වෛරී දේශපාලනය පිටු දැකීම සඳහා රට තුළ නව දේශපාලන තත්ත්වයක් බිහි වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
වචනයට සීමා වී තිබූ රජයේ වෛරී දේශපාලනය ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බව ඔහු සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය ඇති කිරීම සඳහා කැප වී ක්‍රියා කිරීම නව සන්ධානයේ අරමුණ වී ඇති බවය. ada

0 comments:

Post a Comment